www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

දෙවියන්වහන්සේගේ අනතුරු හැඟවීම

දේශයේ වැසියන්ට විරුද්ධව මාගේ ඇත දිගුකරන්නෙමි යැයි ස්වාමින්වහන්සේ කියනසේක.
මක්නිසාද ඔවුන් ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති.
ප්‍රෝපේතවරයා පටන් පුජකයා දක්වා සියල්ලෝම වංචා කරති.
සමාදාණය නැතුව තිබෙද්දී; සමාදාණයය, සමාදාණයය යයි කියා මාගේ සෙනගගේ තුවාලය ඔවුහු මදක් සුවකර තිබේ.
ඔවූහු පිළිකුල්දේ කල නිසා ලජ්ජාවුවෝද? නැත.
ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුනේවත් නැත.
එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත.
මා විසින් ඔවුන්ට දඬුවම් කරණ කාලයෙහි ඔවුහු පැකිල වටෙන්නෝ යයි ස්වාමින්වහන්සේ කියන සේක.
නුඹලා මාරගවල නැවතී සිට බලා හොඳ වූ මාර්ගය කොයිඑකද කියා පුරාන මාවත් ගැන අසා දැනගෙන එහි යන්න.
එවිට නුඹලාගේ ආත්මවලට සැනසීම ලැබෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක.
-යෙරෙමියා 6:16

යෙරෙමියා තුලින් දෙවියන්වහන්සේ මේ අනතුරු හැඟවීම කරන්නේ වෙනකාටවත් නොව නුමුත් උන්වහන්සේ අදහන ඇදහිලිවන්තයන් සේ පෙනීසිටින මිනිසුන්ටයි.
ඒ අනුව ඇදහිලිවන්තයන් හැටියට ඒ අවධානම අපටත් එකසේ බලපායි.
එදා පමණක් නොව නුමුත් මේ අදටත් මිනිසුන් හැටියට අපිත් ඒ හා සමානව බොහෝවිට ජිවත්වන බැවින් අද දවසේ අප එකිනෙකාත් අපගේ පුද්ගලික ජිවිත ගැන සොයා බලා දෙවියන්වහන්සේගේ වචනය ගැන සැලකිලිමත්වි උන්වහන්සේ වෙතට හැරී කීකරු ජිවිතයක් ගත කිරීමට තීරණය කිරීම ආශිර්වාදය ලබාගැනිමටටත් මඟ පාදාගැනීමට පිහිට වෙයි.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)